728x90 AdSpace

ads image

Latest Update

Friday, November 1, 2019

කැබිලියත්ත දේවාලයට යන විට අනුගමනය කලයුතු පිළිවෙත්








   එම ගමනට යන අය මස් මාංශයෙන් තොරව මාසයක් පමණ පේවීම අනිවාර්ය වේ.මෙයට අමතරව මෙම දේවාලය වැඳ පුදා ගැනීමට යනවිට නොඉඳුල් කැවිලි, පළතුරු රැගෙන යා යුතු අතර යන සෑම පිරිසක්ම දෙවියන් හට පැණි බත් පුදා කිරි ද ඉතිර විය යුතුයි.

       මෙම ගමනට යන අය විවිධ වචන භාවිතයේදී කට පරිස්සම් කර ගත යුතුය. එසේ කළ අයට මොනයම් හෝ අකරතැබ්බ්යක් සිද්ධ වේ

       යන මාර්ග කීපයක් තිබුණද යන සෑම අයකුම කැලේ දේවාලය අඩවියට පිවිසීමෙන් පසු කුඹුක්කන් ඔයට බැස යායුතුය. රැගෙන යන පලතුරු ඇතුළු පුද පූජා ගංවැල්ලේ ළිං හරා එම ජලයෙන් සෝදා, පූජාවට තැබිය යුතුවේ.

         මෙම ප‍්‍රදේශයට ආවේනික වූ දේව නීති රැසක් පවතින අතර යන බෙහෝ පිරිසක් එම නීති කඩමින් පුද පූජා තැබීම මත විවිධ උපද්‍රවවලට ලක් වූ බවට බොහෝ කතා ඇත.දෙවියන්ට තබන මුරුතැන් පූජාවට ගන්නා පොල් ගෙඩිය පවා ලීයකින් සාදවා ගත් හිරමනයකින් ගා ගත යුතුය. එයට යකඩ මුහු  නොකළ යුතුවේ

          ඇතමුන්  වන්දනාමානයට එන මුවාවෙන් ඇතමුන් මෙම භූමියේ පැරැණි නටඹුන් හෑරීමට ද ගස් කැපීමට ද යොමු වී ඇත.එසේ කළ අයට මොනයම් හෝ අකරතැබ්බ්යක් සිද්ධ වේ.

දිනපතා පැමිණෙන පිරිස් පරිසරයට මුදාහරින කැළි කසළ ද මෙම සුන්දර මේ බිමට හානියක්

        (කැලේ දෙවියන්ගේ අඩවිය)ට ගිය බොහෝ පිරිසකට අවැඩ සිදුවූ බව කියැවේ.

භක්තියෙන් යන බැතිමතුන්ට සෙතක් ද භක්තියෙන් තොරව යන අයට හිරිහැර  දුක් කරදර  ඇතිවන බව එහි ගිය බොහෝ දෙනෙක් පවසති.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කැබිලියත්ත දේවාලයට යන විට අනුගමනය කලයුතු පිළිවෙත් Description: Rating: 5 Reviewed By: https://www.kabiliththalk.com/
Scroll to Top